‘කොවිඩ් නිසා, ගෝලීය ආර්ථිකයේ දැඩි පසුබෑමක්’ – ලෝක බැංකුවේ නවතම පුරෝකථනය මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සමස්ථයක් ලෙස  ගෝලීය ආර්ථිකය “අඳුරු තත්ත්වයකට” මුහුණ දී ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇත .

එහි සභාපති ඩේවිඩ් මැල්පාස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ තම ආයතනයේ   නවතම පුරෝකථනයන්ට අනුව , 2021 දී 5.5%ක් වූ ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේ 4.1% දක්වා අඩුවනු ඇති බවයි.

කොවිඩ් වසංගතයේ අතුරු ඵලයක් ලෙස ගෝලීය අසමානතාවය පුළුල්වී ඇති බවත් උද්ධමනයට එරෙහිව පොර බැඳීම නිසා දුප්පත් රටවල් ආර්ථික පරිහානියට ගොදුරුවිය හැකි බවත් ඔහු මෙහිදී  පෙන්වා දී ඇත

“දුප්පත් රටවල් සඳහා වූ ඉදිරි දැක්ම තවමත් පසුගාමීව යි තිබෙන බවත්  එම රටවල ආර්ථික අනාරක්‍ෂිතභාවයට හේතු වන බවත් ඔහු පෙන්වාදේ .

2023 වසරේදී පවා ,  සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවල නිෂ්පාදනය, කොවිඩ්වලට පෙර පැවති ප්‍රමාණයටත් වඩා 4%කින් අඩුවනු ඇතැ යි අපේක්ෂා කෙරෙන බවද ඔහු පවසයි ..

, ධනවත් රටවල උත්තේජක වැඩසටහන් හේතුවෙන් දිළිඳු රටවලට අහිතකර ඵලවිපාක ලැබෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා අනතුරු අඟවා ඇත

“පොළී අනුපාත ඉහළ දැමීමෙන් පාවෙන අනුපාතවලට ණය ගන්නා මිනිසුන් [එනම්,] නව ව්‍යාපාර, කාන්තාවන් සතු ව්‍යාපාර, සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපාර අපහසුතාවයට පත් වෙනවා,” මැල්පාස් මහතා  මෙහිදී  පැවසීය.

ඔහු  තව දුරටත් අනතුරු ඇඟවූයේ, සැපයුම් දාමවල ඇති බාධක සහ උත්තේජක වැඩසටහන් ලිහිල් කිරීම ආර්ථික අවදානම් මතු කරන බව යි.

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදවල ව්‍යාප්තිය හේතුවෙන්, ලෝක බැංකුව ජුනි මස පුරෝකථනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා 2021 දෙවන භාගයේ ආර්ථික මන්දගාමීත්වය ඉහළ අගයක් ගත්තේ ය. එය මේ වසරේ “ප්‍රකාශිත මන්දගාමිත්වයක්” අපේක්ෂා කරන අතර, ගෝලීය වර්ධනය 2023 දී 3.2% දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැ යි පුරෝකථනය කර තිබේ.

“කොවිඩ් සහ රටවල් හුදෙකලා කිරීම විශේෂයෙන් දුප්පත් රටවල්වලට ලොකු බලපෑමක් ඇතිකරවන බවද  මැල්පාස් මහතා  අවධාරණය කර ඇත

ගෝලීය ආර්ථික මන්දගාමිත්වය සමග චීනයේ වර්ධන වේගය පසුගිය වසරේ වූ 8% සිට 5.1% දක්වා පහත වැටෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2021 දී එක්සත් ජනපදයේ අගය වූ 5.6%ට සාපේක්ෂව මේ වසරේ 3.7%කින් අඩුවනු ඇතැ යි පුරෝකථනය කරන අතර, යුරෝපීය කලාපයේ එය 5.2% සිට 4.2% දක්වා මන්දගාමීත්වයක් ලබනු ඇතැ යි ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

එසේම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ පසුගිය වසරේ 6.7% සිට 2022 දී 2.6% දක්වා වර්ධනය මන්දගාමී වනු ඇතැ යි ලෝක බැංකුව  අනුමාන කරයි .