කොවිඩ් ප්‍රතිකාර කරන්න ඩොල.මි. 100ක ණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් අතිරේක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබේ.

එම ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇත.

ඒ අනුව අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් එන්නත් කිරීමේ මුලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වු ජාතික කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.