කොවිඩ් බෝවෙන “තැන” සොයාගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වයිරසය වැඩියෙන්ම බෝ වී ඇත්තේ මත්පැන් බොන ස්ථානවලින් බව සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මත්පැන් අලෙවිසල් මෙන්ම මත්පැන් සාද ,හරහාද කොවිඩ් රෝගය වේගයෙන් බෝවන බව සොයාගෙන ඇති බවත් ජයසුමන මහතා මාධ්‍ය වෙත අද අනාවරණය කළේය .

මේ නිසා එවැනි ස්ථාන මේ අවස්ථාවේ හැකිතාක් මග හැර සිටීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව පැවසූ ජයසුමන මහතා එන්නත්කරණය අභිබවා යා හැකි වයිරස ප්‍රභේද රටට ඇතුළු වීමේ හැකියාවක් තිබෙන බවද පැවසුවේය