කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට සමත් සාර්ථක එන්නතක් කඩිනමින් නිපදවීම සඳහා සමස්ථ ලෝකයම එක්ව කටයුතු කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
ජර්මනියේදී මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව සමග වීඩියෝ තාක්ෂනය ඔස්සේ සම්භාන්ධවෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ් රෝස් අදනම් මහතා මේ බව සඳහන් කර ඇත.
දිලිදු රටවල ජනතාවට පවා කිසිදු වෙනසකින් තොරව කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්තාව සැලසිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.
එලෙස ලෝකයම එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම එන්නත නිපදවීමේ කටයුත්තට දායක වීම හරහා කොවිඩ් වසංගතය පරාජය කල හැකි බවද ඔහු සඳහන් කර ඇත.