කොවිඩ් මඬින කිසිම එන්නතක හරක්-ඌරු කොටස් නෑ – WHO

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය මැඬලීමට වර්තමානයේ භාවිතා කරනු ලබන කිසිදු කෝවිඩ්-19 එන්නතක් නිෂ්පාදනය සඳහා හරකුන්ගෙන් හෝ ඌරන්ගෙන් ලබාගන්නා ලද ද්‍රව්‍ය භාවිතා නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

මැදපෙරදිග රටවල් ඇතුළු ලොව පුරා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය නියෝජිතයන් මේ සම්බන්ධයෙන් මෑත කාලීනව ප්‍රශ්න කර තිබුණේ එන්නත් භාවිත කිරීමට තම ප්‍රජාව තුළ ඇති සැකය පිළිබඳව ය.