කොවිඩ් මරණ 28% කින් වර්ධනය වෙලා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් අවධාරණය කර ඇත .

කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12කින් ඉහල ගොස් ඇති බවද එම ලිපියේ දක්වා ඇත.

එම නිසා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද ලිපිය මගින් වෛද්‍ය සංගමය සඳහන් කර ඇත .

දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත් එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

තවද එන්නත් කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු අරත ඒ සඳහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එහි සඳහන් වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබේ.