කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ පැය 48ක් ඇතුලත

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය ඉදිරි පැය 48 ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇත .

.මෙම  මාර්ගෝපදේශ නිකුත් කිරීමත් සමග කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙමින් පසුගියදා නිකුත්කළ  චක්‍රලේඛය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබෙනු ඇත .

මේ අතර කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථාන දෙකක් පිලිබඳව යෝජනා වී තිබෙන අතර . අදාල ස්ථාන තෝරා ගැනීමේදී ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුව ඇති බවද වාර්තාවේ,

ඒ අනුව මන්නාරම සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවලින් එවැනි ස්ථාන දෙකක් හඳුනාගෙන තිබෙන අතර . එම ප්‍රදේශවල ජල මට්ටම මීටර් 15 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව දැනට  සිදුකළ පර්යේෂණවලදී හඳුනාගෙන තිබෙ.