රෝහල් තුළට කොවිඩ් රෝගීන් අතුල් කිරීම සම්භන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .
විශේෂයෙන්මරෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයින් රෝහල් තුළට ඇතුල් කිරීමේදී නිසි පටිපාටියක් අනුගමනය කළ යුතු බවද එම සංගමය සඳහන් කර සිටී
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් මෙම දත්ත නිවැරදිව ලබා ගත යුතු නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් තොරතුරු තවමත් නිවැරදි ලෙස හුවමාරු කරගෙන නොමැති බවද සංගමය චෝදනා කර සිටී
කොවිඩ් 19 ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රෝහල් තුළ ධාරිතාව ඉහළ යාම නිසා වෛරසය ආසාදිතව නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය වැඩි වෙමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.
එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මේ බව සනාථ කර තිබෙන බවයි.