කොවිඩ් විකෘති ප්‍රභේදයක් කොළඹින්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් කොළඹ නගරය තුළින් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව රෝගීන් දෙදෙනෙකුගෙන් මෙය සොයාගෙන ඇත.
වෛද්‍ය රුවන් විජයමුණි මහතා පෙන්වා දෙන්නේ ජනතාව තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකළොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවය.