කොවිඩ් හෙළ ඔසුව හදන්න , රජයෙන් තාක්‍ෂණික සහය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ බව කියන  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන ඇත .

මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටි බව වාර්තාවේ

මේ තත්ත්වය මත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහාපරිමාණයෙන් ඖෂධ ඇඹරීම සිදුකළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගෙන ඇත