කොළඹ නගරයට ඇතුළු වන වාහනවලින් ගාස්තුවක් අය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.
කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කර සිටී.
ගාස්තු අය කිරීම හේතුවෙන් අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බව අමාත්යංශය සඳහන් කර සිටී.
වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත දැනට රජයේ අවධානය යොමුව ඇත.