කොළඹට බෝට්ටුවෙන් යන්න

Picture of අසංක

අසංක

යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නාවික හමුදාව හා ඒකාබද්ධව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතය.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තුළින් මිනිත්තු 09ත් 10 අතර කාලයකින් කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකිය.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

මෙය සිදු කරන ලද්දේ විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුවයි.