කොළඹ පිරී ඇති කසල තොග , අරුක්කාලු අංගනයට බැහැර කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමට රජයට මේවනතෙක් නොහැකිව ඇති අතර තවමත් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකම කුණු ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබේ.
මේ පිළිබඳව අප වෙබ් අඩවිය කල විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ හෙට වන විට එක්රැස් වූ සියලු කසළ බහැර කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය.
කොළඹ කසළ අරුවක්කාලු අංගනයට බැහැර කිරීමේ කටයුතු සඳහා වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ බවද ඒ මහතා පැවසීය