කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ ම අගය අද (26) වාර්තා කර තිබේ.

ඒ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් තබමිනි.

මේ වසරේ ජනවාරි 27 දින ‌ද ඒකක 8,812.01 ක් ලෙස දක්වමින් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා විය.

අද දින පෙර දිනයට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළගොස් තිබුණි.

දෛනික පිරිවැටුම රු. බිලියන 10.49ක් ලෙස සටහන් වී ඇත.