කොළඹ කොරෝනා ඉදිරි සතිවලදී අඩුවන ලකුණු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– සෞඛ්‍ය බලධාරින්ගෙන් කොළ එළියක්
පැතුම් වික්‍රමරත්න
කොළඹ මහ නගර සීමාව තුළ ඉදිරි සති කිහිපය අවසානයේ  කොරෝනා  ව්‍යාප්තියේ අඩුවක් දක්නට හැකිවනු ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ  සුදත් සමරවීර මහතා පවසයි.
 ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ PCR පරීක්ෂණ මඟින් මේ වන විට හමුවන රෝගීන්ගේ ශරීරය තුළ පවත්නා වෛරස ධාරිතාවේ අඩු වීමක් පෙන්නුම් කරන බවයි.
 ඒ අනුව මෙසේ වෛරසය ව්‍යාප්තවීමේ අඩුවක් දැකගත හැකිවනු ඇති බවත් ඔහු පැවසීය.
කොළඹ මහ නගර සීමාවේ ඊයේ දින සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සම්බන්ධයෙන්ද තීරණ ගත්තේ වාර්තා වන රෝගීන් හා පවතින තත්ත්වයන් පිළිබඳ පිරික්සීමෙන් අනතුරුව වන අතර ප්‍රතිදේහ පරීක්ෂණවලින් හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය අඩු වී තිබෙන බවද  ඔහු කියා සිටියේය .