කොළඹ ජාතික රෝහල් මෝචරියේ නාඳුනන මෘතදේහ 20ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ ජාතික රෝහ‍ලේ මෘත ශරීරාගාරය තුළ අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරු 20 ක් පමණ තිබෙන බව රෝහල් බළධාරීන් ප්‍රකාශ කර සිටී .
මෙම  මළසිරුරු පසුගිය මාස 03 ක පමණ කාලය තුළදී මියගිය පුද්ගලයන්ගේ බවද  රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර ඇත .
එක් කාන්තා මළසිරුරක්ද ඒ අතර වන අතර මෙම මළසිරුරුවල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රෝහල් බලධාරීන් පවසයි .
මේ පිලිබඳ රෝහල් බලධාරීන් මේ වනවිට  පොලිස් ස්ථානද  දැනුවත් කර තිබෙ,
අනන්‍යතාවය තහවුරු කර ගන්නා මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අසමත් වන මළසිරුරු රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කරන බවද  රෝහල් බළධාරීන් සඳහන් කර ඇත .