දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමගින් දිවයිනේ බෝහෝ ප්රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.
මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්රදේශවල මාර්ග සංඥා ක්රියාත්මක නොවන හේතුවෙන් මාර්ග වල රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිම අද රාත්රී 8 පමණ වන අවසන් කල හැකි බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්රමයෙන් ක්රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ වන විට දිවයිනේ ප්රදේශ ගණනාවකට විදුලි බලය ලැබී ඇති බව අපට වාර්තා වෙනවා.