කොළඹ දිස්ත්‍රික්කයේ අයට දිනපතාම චීන එන්නත් දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට දෛනිකව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් ලබා දීමට උපදෙස් ලබා දී ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි.
කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය .
මේ අතර සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන එකක් හෝ දෙකක ප්‍රමාණයක් මාස්පතා මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙ.
ඒ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය වෙත  පැවසුවේය