කොළඹ නගරයේ නිවාස හදන්න AIIB බැංකුවෙන් ඩොලර් මිලියන 280ක්

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සදහා ආසියානු යටිතල ව්‍යූහ ආයෝජන බැංකුව (AIIB) විසින් අමෙරිකානු ඩොලර් මිලියන 280ක ණය මුදලක් අනුමත කර තිබේ

ඒ යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ නගරයේ වෙසෙන අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්කෙරෙන බව එම බැංකුව නිවේදනය කර තිබේ

ඉතිරි ඩොලර් මිලියන 80 වෙන්කර ඇත්තේ නිවාස පිහිටි ඉඩම්වල නායයාම් හා ස්වභාවික හානිවලින් සිදුවිය හැකි අවදානම් අවම කරලීම උදෙසාය

මෙම නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය නිවාස ඒකක 5500ක පහසුකම් නැංවීම උදෙසා යෙදවීමට නියමිතය

මෙම ව්‍යාපෘතීන් දෙක ආසියානු යටිතල ව්‍යූහ ආයෝජන බැංකුව විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම ව්‍යාපෘතීන් වේ.