කොළඹ නගර සීමාවට “ඩෙල්ටාවෙන්” බලපෑම්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහ නගර සභා සීමාවට,  ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ බලපෑම් එල්ල වී ඇති බව  සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී . ඒ අනුව කොළඹ 01 සිට 14 දක්වා ප්‍රදේශවලට එහි බලපෑම ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත  ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්‍රදේශවලට වන අතර දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ලම එහිදී  ප්‍රධානවේ.

ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී තිබෙන අතර .  පිළියන්දල ප්‍රදේශයෙන් ද, ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇතැයි සඳහන්වේ . කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ ඩෙල්ටා ආසාදිතයින් 11 දෙනෙකු ඉකුත් දා කොළඹ මහ නගර සභා සීමාව තුළින් වාර්තා වූ බවය.