කොළඹ නගර සීමාවේ කොවිඩ් ව්‍යාප්තිය අඩුවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නාගරික සීමාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී .

තවදුරටත් කොළඹ කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමට අවශ්‍ය සියලුම උත්සාහයන් දරන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය

නමුත් කොළඹින් පිට  ප්‍ර‍දේශවල අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මේ වනවිට  මතුව ඇති බවද  උපුල් රෝහණ මහතා මෙහිදී පැවසීය .

විශේෂයෙන් කළුතර, බේරුවල, පොල්ගහවෙල, මොනරාගල, කාත්තන්කුඩි, මඩකළපුව වැනි ප්‍රදේශවල අනු පොකුරු ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙ.