කොළඹ නගර සීමාව තුල කොවිඩ් ව්‍යාප්තිය මේ වනවිට යම්තාක් දුරකට පාලනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කර සිටී
කොළඹ ප්‍රදේශයේ ඇතැම් පිරිසකට කොවිඩ් රෝගය වැළඳී , රෝග ලක්ෂණ නොමැතිවම සුවවී ඇති බවත් . මෙම පුද්ගලයින් ස්වභාවිකවම ප්‍රතිදේහ නිපදවමින් වෛරසයට එරෙහිව සටන් කර ඇති බවත් ඔහු මාධ්‍ය වෙත පැවසීය
මීට පෙර, PCR සාම්පල 250 කින් 50 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශය තුල දිනපතා COVID-19 සඳහා ධනාත්මක බවට තහවුරු වූ බවත් මේ වන විට PCR සාම්පල 250 න් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් කොවිඩ් ධනාත්මක බවට තහවුරු වන බවත් ඔහු පැවසීය .