කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව මෙරට විශේෂඥයින් පිරිසක් විසින් සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත .
ඒ අනුව ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව මෙම විමර්ශනය හරහා අනාවරණය වී ඇත
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් විය .
මේ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩ සටහනක් ආරම්භ කිරීමටත් ,, එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහය ලබාගැනීමටත් කොළඹ නගරසභාව සැලසුම් කර ඇත .