කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අදත් 100කට අධික අගයක් ගනිමින් ඉහළ ගොස් තිබේ.
කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද විශේෂයෙන්ම ශ්වසන රෝගීන්ද ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ඔවුහු දැනුම් දෙති.
ඉන්දියාව දෙසින් ලංකාවේ ඉහළ වායුගෝලය හරහා හමායන සුළං ප්‍රවාහය නිසා නව දිල්ලි නුවර දූෂිත වායුව හමා එන බැවින් කොළඹ, ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් ඇත.