කොළඹ සිටින තාවකාලික පදිංචිකරුවන් ලගම පොලිසියේ ලියාපදිංචි වෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ සහ තදාසන්න ප්‍රදේශව​ල සිටින සියලූ‍ම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියි.

ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ‍ දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවත් එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 13 ක තෝරාගත් ග්‍රා​ම නිලධාරි වසම් 60 ක තොරතුරු ලබාගෙන ති​බේ.

එහිදී හෙළිවී ඇත්තේ එහි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින සංඛ්‍යාව 40,871ක් බවයි. මෙලෙස එක් රැස් කරන  තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත