කොළඹ පිහිටි සියලුම කාන්තා පාසල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා නියෝග කර තිබේ.
මේ දිනවල කොළඹ පාසල්වල බිග් මැච් සමය බැවින් පාසල් සිසුන් කාන්තා පාසල් තුළට කඩාවැදී කළහකාරී තත්ත්වයන් හටගැනීම පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
මේ අනුව බිග් මැච් සමය අවසන් වනතුරු මෙලෙස කොළඹ කාන්තා පාසල්වලට පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ලගන තිබේ.
කොළඹ විශාකා විදුහලට ද පසුගියදා මෙලෙස පාසල් සිසුන් පිරිසක් කඩාවැදී ඇති අතර එහිදී විදුහල්පතිනියගේ උපායශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් කළහය දුරදිග යාම පාලනය කර තිබුණි.
කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලට ද මෙලෙසම පාසල් සිසුන් පිරිසක් කඩාවැදී දේපළවලට ද හානි කිරීමේ සිද්ධියක් වී ඇති අතර එහිදී පාසල් සිසුන් 100 දෙනකු පොලිස් භාරයට ගෙන තිබුණි.
ඔවුන් අවවාද කොට මාපියන්ට බාරදුන් බව පොලීසිය පැවැසීය.
දම්පත් රණසිංහ