කෝටි භාගයක් , බූස්ටරේ අරගෙන !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටදී බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස හතලිස් අට ලක්‍ෂය ඉක්මවා ඇත

ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයන් 33,667 දෙනෙකු එම මාත්‍රාව ලබාගැනීමත් සමගය

ඒ අනුව බූස්ටර් මාත්‍රාව මෙරටදී ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව හතලිස් අට ලක්‍ෂ 1,718 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

මේ අතර තවත් පුද්ගලයන් 41,237 දෙනෙකු ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙ.

එහි දෙවන මාත්‍රාව තවත් පුද්ගලයන් 557 දෙනෙකු ඊයේ දිනයේ ලබාගත් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කළේය .