ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුපියල් කෝටි 73කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
සැකකරුවන් වංචා කොට ඇති මුළු මුදල රුපියල් 73,29,56,660 ක් බව පොලීසිය පවසයි.
සණස සමිතියේ තැම්පත්කරුවන්ගේ තැන්පතු මුදල් මෙලෙස වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරන ලද මූල්‍ය වංචාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකර ඇත.
අදාළ විමර්ශනයෙන් පසු මෙම කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව ඊයේ අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.