කෝරෝනා 5වන මරණය…මිතුර ඔබට නිවන් සුව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා මරණයකදි මාධ්‍ය කියන්නෙ ඔහුගේ වකුගඩු අක්‍රීය තත්වයේ තිබුනෙ අධි රුධිර පීඩනය, සීනි තිබුන කොරෝනා නිසා නෙමෙයි වයසට වෙනත් අසනීප නිසා මියගිය බව ඒත්තු ගැන්වෙන ආකාරයටයි නමුත් උදය දිනේෂ් නිරෝගී තරුණයෙක් ඉතාලියේ සිට ලංකාවට පැමිණෙන්නෙ මාර්තු 12දා එතනින් කිසිම රෝග ලක්ෂණයක් නැතුව කන්දකාඩුවලට යවනව නිරෝධායනයට මාර්තු මාසෙ 19දා සුළු උගුර දැවිල්ලක් ඇතිවෙනව 20දා ශාරීරික වියායාම කරන ඔහුට සීතලක් සමග උණ හටගන්නව එතනින් වැලිකන්ද රෝහලට රැගෙන යන උදයව 22දා දැඩිසත්කාර ඒකයට ඇතුලත් කරනව වෛද්‍ය නිගමනය වෙන්නෙ අධික ලෙස නිව්මොනියා තත්වය හේතුවෙන් පෙනහැලු අක්‍රීය තත්වයට පත්වෙමින් තියෙන බවයි දින කිහිපයකට කලින් එක් පෙනහැල්ලක් ක්‍රීයාකරී මට්ටමට පත්කරගන්න පුලුවන් උනත් අවසානේ මාරයා ජයගන්නව අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මහලු තරුණ කියල නැහැ රෝගය මාරාන්තිකයි දරුවන් දෙදෙනෙකුට පියෙක් බිරිදට ස්වාමියෙක් අහිමි වෙනව ඔබේ ආදරණීයන් රැක ගන්න මේක විහිලුවක් නෙමෙයි අද ඔහුගේ බිරිදත් ලොකු පුතාත් දිනේෂ්ට සමුදීම සදහා වැලිකන්දට පිටත්ව ගියා