සමාජ දුරසථභාවය වෙනුවෙන් ඉකුත් මාර්තු 20 වෙනිදා ඇදිරි නීතිය පැනවූ දා සිට මෙතෙන් ගෙවී ගිය කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (08) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළය.
එම ගණන 1815 කි. වැඩිම වාහන ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත්තේද මේ කාලය තුළදීය. එම ගණන 595 කි.
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය අද (08) වන විට පුද්ගලයින් 19000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.