ඕමාන වෙරළ අයිනක පිහිටි ගල් දෙකක් අතර සිරවූ දැවැන්ත කැස්බෑවකු මහත් පරිශ්රමයකින් ඉන් මුදවාගෙන මුහුදට යැවීමට කාරුණික පෙම් යුවළක් කටයුතු කළ පුවතක් වාර්තා වේ.
මේ දැවැන්ත කැස්බෑවා ගැහැණු සතෙකි.
අහම්බයකින් ඌ ගල් දෙකක් අතර සිරවී ගැලවීමට නොහැකිව සිටින බව දැක ඇත්තේ සාගර පරිසරවේදිනියක වන චාලට් යුන් ය.
ඇය අසීරුවෙන් කැස්බෑවා ගලවාගැනීමට උත්සාහ කරන විය ඇයගේ පෙම්වතා ද එම ස්ථානයට පැමිණ මිනිත්තු 30කට පරිශ්රමයකින් පසුව කැස්බෑවා මුහුදට මුදාහලේය.