පදිංචිකරුවන් වෙනුවෙන් ග්‍රාම සේවා නිලධාරියා විසින් නිකුත් කරනු ලබන ග්‍රාම සේවා සහතිකය සහ චරිත සහතිකය සඳහා මින්පසුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නොවන බව රජය පවසයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ සේවා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ලබන 10 වනදා සිට නව පියවර ක්‍රියාත්මක බවයි.
ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබේ.