ග්‍රේට් වෙස්ටර්න් බලන්න කෝච්චියෙන් යමු

Picture of අසංක

අසංක

ලක්ෂිත මන්දාර

ග්‍රේට් වෙස්ටර්න් කදු යැයි කියූ සැනින් සිහියට එන්නේ විදෙස් රටක කන්දකි. නමුත් මේ නමින් ලංකාවේද කදු පංතියක් ඇති බව ඔබ දන්නවාද ?

ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මෙම කන්ද මීටර් 2212 ක උසකින් සමන්විත වේ. අඩි වලින් නම් 7257 කි.
ග්‍රේට් වෙස්ටර්න් නමින් දුම්රිය ස්ථානයක් මෙම කන්ද පාමුල පිහිටා තිබේ. මෙම කදු පන්තියට ළගා විය හැකි පහසුම මග දුම්රිය වන්නේ මහාමාර්ග පහසුකම් නොමැති කම නිසාවෙනි.
කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ වටගොඩ දුම්රිය ස්ථානය සහ රදැල්ල යන උප දුම්රිය ස්ථානය ට අතරමැදි ව මෙම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය පිහිටා ඇත.
දුම්රිය පිළිබද ඇලුම් කරන්නන් අතර ඉතාමත් ප්‍රචලිත දුම්රිය ස්ථානයක් වන අතර මෙම කන්ද තරණය කර කදු මුදුනට ළගා වන පුද්ගලයකු ට දුම්රිය මාර්ගය ඉතා පැහැදිලි ව විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි බලා ගත හැක.
මීට අමතරව තොටුපල කන්ද, සමනළ කන්ද ඇතුලු තවත් අවට පිහිටා ඇති කදු රාශියක් ද දකින්නට හැකිය.
මේ දිනවල සංචාරයකයන් අතර ප්‍රචලිත මෙම ග්‍රේට් වෙස්ටර්න් කන්ද ඔබත් තරණය කර වෙනස්ම ආකාරයේ අත්දැකීමක් විදගන්න.
ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය සමීපයේ ද්‍රවිඩ පවුල් කීපයක් ජීවත් වන කුඩා ගම්මානයක්ද ඇත. මේ ජනතාවා ප්‍රධාන වශයෙන් තේ දළු නෙලීමේ රැකියාවේ නිරත වීම සිදු කරයි. මම කිව්වා ඔබට මම යන තැන් ගැන ඔබට ලියනවා කියලා. ඔයාලත් මාත් එක්ක කොච්චි සවාරි යන්න එන්න.