වත්මන් රජයේ දූෂණ වංචා පිලිබඳව සොයා බලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (13) දින බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා හා හිටපු විදුලි බල අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ,පෙනී සිටීමට නියමිතය . මහපොළ’උසස් අධ්‍යාපන බාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ලබා ගැනීම සඳහාගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කොමිසම හමුවට කැඳවා ඇත. . මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා හා දුෂණ සිදුවූ කාලය තුළ අමාත්‍යවරයා එම අරමුදලේ නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති හෙයින් ඊට අදාළව සාක්කි ලබා ගැනීමට කොමිසම හමුවට මෙසේ කැඳවා ඇත. විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් ගොනු වූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රන්ජිත් සියඹලාපිටිය මහතා හෙට පෙරවරු 8.00ට එම පොලිස් ඒකකයට පැමිණෙනු ඇත.