ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි අධිචෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද සඳහන් කළේය.
මෙම නඩුව සම්පත් අබේකෝන්ල සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ අද කඳවූ අවස්ථාවේදී එලෙස නියම කෙරිණ.
මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, ලසන්ත බණ්ඩාර යන දෙදෙනා නම් කර තිබුණි.
2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණිග
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේම නීතිඥවරුන් නඩුවට අදාළ ලිඛිත දේශනා භාරදුන් අතර ඒ අනුව නඩුවේ තීන්දුවට දින නියම කෙරිණි.