ගාර්නියා අත්අඩංගුවට – ස්විස් තානාපති ජනපති හමුවට

Picture of අසංක

අසංක

පැහැරගැනීමේ සිද්ධියකට මුහුණ පෑ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මතයි.

ඇය ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 වගන්තිවලට අදාළව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කර තිබේ.

මේ අතර මෙරට ස්විස් තානාපතිවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.