ගාල්ලේ කොවිඩ් එන්නත් සිද්ධියට සෞඛ්‍ය ලොක්කෝ දෙදෙනකුට මාරු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගාල්ලේ සිදු වූ බව කියන අයථා එන්නත්කරණ සිද්ධියට අදාළව ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසය.

සංචරණ සීමා උල්ලංගනය කිරීම, වෙනත් දිස්ත්‍රික්කයට පුද්ගලයන්ට එන්නත් ලබාදීම මෙම විමර්ශනයට හේතුවූ චෝදනා එල්ල වී තිබු කරුණු ය.

ගාල්ලට යැවූ එන්නත් තොගයක් කොළඹින් ගිය පිරිසක් වෙත දෙවන මාත්‍රාව ලෙස ලබාදීමේ සිද්ධියක් මෙම විමර්ශනයට මුල්වූ අතර එය සමාජය තුළ දැඩි විවේචනයට ද ලක්ව තිබුණි.