මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී මාරපන ඇතුළු නිලධාරීන් කණඩායමක් ගාල්ල සහකාර පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාට අයත් ගාල්ල වැකුණුගොඩ පිහිටි නිල නිවසේ දොරගුළු කඩා ඊට ඇතුළු වී රුපියල් ලක්ෂයකට අධික මුදල් සහ නවරත්න මුද්දක් සොරාගෙන ඇතැයි ගාල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සිද්ධිය වනවිට සහකාර පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතා විශේෂ රාජකාරි සඳහා මීගමුව කටුවාපිටියට කැඳවා තිබී ඇත.
පොලිස් අධිකාරී ඇතුළු පිරිස මාතර සිට එහි පැමිණ ඇත්තේ පොලිස් නිල රථයකින් බවත් අගුල් කැඩීමෙන් පසු ඔවුන් අලුත් අගුල් දමා ඇති බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙසින් ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී චිරන්ත පීරිස් මහතා විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නිල නිවාස ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම සිද්ධිය වී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.