ගාලුමුුවදොරට එක්වූ උරණ වූ මිනිසුන් ගැයූ ගීතය..(Video)

Picture of අසංක

අසංක

ගාලුමුවදොර දී දින 7ක් තිස්සෙ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි ජන අරගලයට අද එක්වූ ගායක ගායිකාවන් කලාකරුවන් පිරිසක් විරෝධතාවට සහය පළකරමින් අපූරු ගායනයක නිරත විය.

‘මිනිසුන් ගයනවා ඔබට ඇහෙනවද? උරණ වූ මිනිසුන් ගී ගයන හඬ ඇසෙනවද? යළිත් වහලුන් නොවනා මිනිස්සුන්ගේ සංගීතයයි.. ‘ යනාදි වශයෙන් මුල් පැදි කිහිපයෙන් අරුත් ගැන්වෙන මෙම ගීතය දුක්විඳින මිනිසුන්ගේ පීඩාව ජයගැනීම උදෙසා කරන විප්ලවීය කැඳවීමක් බඳු ගායනයක් යැයි සැළකේ.

මෙය 2012 දී නිකුත් වූ Les Miserables සිනමාපටයේ ගීතයකි. මෙම සිනමාපටය තැනෙන්නේ ප්‍රංශ කවියෙක්, නවකතාකරුවෙවක්, නාට්‍ය රචකයෙක් මෙන්ම දේශපාලකයකු වූ ද වික්ටර් හියුගෝ විසින් 1862 දීරචිත Les Miserables නවකතාව පදනම් කරගෙනය.

‘Les Miserables’ සිනමාපටය ගීතමය වශයෙන් සියලු ආකාරයේ විරෝධතා සහ ජනප්‍රිය ව්‍යාපාරවල හදවත සංකේතවත් කරයි .

මෙම ගීතය සිය හඬ නිහඬ ය යන්න විශ්වාස කරන පුද්ගලයින් අරගලයට කැන්දන ආකාරයේ ගීතයක්ය යන්න ඇතැමුන්ගේ විශ්වාසයයි.

අද ගාලුමුවදොර විරෝධතාකරුවන් අපූරුවට ගායනා එම ගීතය සහ එහි මුල් ගීතය පහතින් දැක්වේ.

YouTube player