ගිනිගත්හේන වෙළදසැල් 07 දැඩි අවධානමේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මේ වන විට මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ගිනිගත්හේන වෙළඳසැල් 07ක් නායයාමේ අවධානමට ලක් වී තිබෙනවා. ගිනිගත්හේන නගරයේ ඇති එම වෙළඳසැල් වල සේවකයින් ඉවත් කිරීමට මේ වන විට කටයුතු සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා

මේ අතර එම ප්‍රදේශයේම දෙමහල් ගොඩනැගිල්ලක පවත්වා ගෙනගිය මුද්‍රණාලයක් තුලටද පස් කන්දක් කඩා වැටීම නිසා එහි සේවකයින්ද ඉවත් කරනු ලැබුවා