ගුරුකන්ද විහාරයේ භාරකරුට TNA සාමාජිකයන් පහර දෙයි – ජීවිතය ගැන බයයි – භාරකරු කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව -මාධව කුලසූරිය.

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තමන් වෙත දමිළ තරුණයෙකු පැමිණ ඊයේ 01) සවස පහරදුන් බව විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර තරුණයා පවසයි.

කැළුම් බංඩාර පැවසුවේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණයෙකු වෙත එලෙස පහරදුන් බවයි.

විහාරස්ථානය වෙත ට්‍රැක්ටර රථයක පටවාගෙන කිසියම් දේව පිළිමයක් කණ්ඩායමක් විසින් රැගෙන පැමිණි බවත් එහිදි තමා විහාරස්ථානයේ තාවකාලික භාරකරු වශයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සිදුකළ බවත්, අදාළ පැමිණි පිරිස කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් තමාගේ ජංගම දුරකථනයෙන් ජායාරූප හා විඩියෝ ගැනීමත් සිදුකළ අවස්ථාවේ පැමිණි කණ්ඩායමෙන් කෙනෙකු තමන් වෙත පහරදීම සිදුකළ බවත් කැළුම් තරුණයා පැවසුවේය.

අදාළ පිරිස පහරදීම සම්බන්ධයෙන් තමාට පැමිණිළි කිරීමට මුලතිව් පොලිසිය දක්වා ගමන් කිරීමට සිදුව ඇති අතර, තනිව සිටින තමන් වෙත මුලතිව් දක්වා ගමන් කළ නොහැකි තත්වයක් පවතින බවද හෙතෙම පැවසුවේය.

මග රැක සිට අදාළ පිරිස තමාට පහරදෙතැයි තමන් බියෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය.

මීට පෙර අවස්ථාවකදීද දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද තමන්ට තර්ජනය කළ බවද කැළුම් තරුණයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අද (02) අප විහාරයේ භාරකරුවන කැළුම් බණ්ඩාර දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර අප ඔහුගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරාද යන්නයි එහිදි කැළුම් අපට දැක්වූ යේ මෙවන් අදහසක්

ඇත්තටම මම පොලිසියට ගියේ නෑ හේතුව ඊයේ මට පහර දුන්නේ විහාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉදිරිපිටදී නමුත් ඔවුන් පවසන්නේ මට පහරදීමක් සිදු නොවු බවයි.

ඒ වගේම පොලිසිය අපි විහාරයේ යමක් සිදුකරා නම් වහාම නීතිය ක්‍රියාත්මක කරනවා නමුත් එම ද්‍රවිඩ ටීඑන්ඒ ක්‍රියාකාරීන්ට කිසිදු ආකාරයක තහංචියක් නෑ.

මට මගේ ජීවිතය ගැන විස්වාසයක් නෑ මොනවා වෙයිද දන්නේ එකපාරක් කිව්වා මරලා වලලනවා කියලා ඊයේ මට පහරදුන්නා ඇත්තටම මම ඉන්නේ පුදුම බයකින්.

යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කලේය.