ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර  මුල්‍ය වංචා සැකකරුවකුගේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැට ගසා ඝාතනය කර තිබියදී පසුගිය දා හමුවී ඇත්තේ රුපියල් ලක්ෂ 27ක මුදල් වංචාවක් සම්බන්ධයෙන්  ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙකුගේ මළසිරුර බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
යතුරු පැදියේ අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මියගොස් ඇති පුද්ගලයා හදුනා ගත් බව පොලීසිය කියයි. මියගොස් ඇත්තේ බුලත්සිංහල පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමග විවාහ වී සිට ඇත. යතුරුපැදියක ගැට ගසා ගුරුගොඩඔයට යතුරුපැදියද සමග දමා තිබුණු මෙම පුද්ගලයාගේ මළ සිරුර පොලීසියට හමුවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා සවස් කාලයේදීය.