ගුරුගොඩ ඔයෙන් හමුවූ මළ සිරුර කමාන්ඩෝ බලකා හිටපු සෙබලකුගේ

Picture of අසංක

අසංක

හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැටගසා පුද්ගලයකු ඝාතනය කර දමා තිබූ මළ සිරුර අයත් පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි යුදහමුදාවේ කමාන්ඩෝ බළකායේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකි.

ඔහු ඉන්පසුව මුදල් පොලියට දී ආදායම් ඉපයීම සිදු කර ගෙන ගොස් ඇත.

ඔහු පසුගියදා මිතුරෙකු මුණ ගැසීමට යැයි බිරිඳට පවසා හොරණ ප්‍රදේශයට ගොස් ඇති අතර ඔහු මුණ ගැසීමට ගොස් තිබුනේද කමන්ඩො බලකායේ සේවය කරන ලද පුද්ගලයකුගේ නිවසට බව සාක්ෂි මගින් සොයාගෙන තිබේ.

සතියක් පමණ පුරා ඔහු නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගොස් ඇත.

ඔහු නිවසින් පිටවන එවැනි දිනවල දින දෙක තුනක් තිස්සේ නොපැමිණ සිටියත් මෙවර සතියක් ගත වුවද ණ පැමිණීම නිසා ඇය පැමිණිල්ල කිරීමට ගොස් ඇත.

එවිට වැල්ලම්පිටිය පොලීසිය පවසා ඇත්තේ පැමිණිලි පොතේ පිටු අවසන්වීම නිසා පසුව එන ලෙසයි.

ඉන්පසු දින පැමිණිල්ල සඳහා බිරිඳ ගිය අවස්ථාවේදී වැල්ලම්පිටිය පොලිසිය පවසා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ සටහනක් තබා ගත යුතු බැවින් පසුව එන ලෙසයි.

තුන්වෙනිවාර යෙදී බිරිඳ පොලිසියට ගිය අවස්ථාවේදී වැල්ලම්පිටිය පොලීසිය පවසා ඇත්තේ පැමිණිල්ල දැන්ම නොකොට තව දින කිහිපයක් බලා පසුව එන ලෙසයි.

මේ අයුරින් වැල්ලම්පිටිය පොලිසිය විසින් අවස්ථා තුනක දී මෙම පැමිණිල්ල ලියා නොගෙන ඇයව ආපසු හරවා යවා තිබේ.