ගුරුවරු ප්‍රයෝගික පරීක්ෂණ වලින් ඉවත්වේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ – 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදීමට ගුරු සම්ගම් නායකයින් තීරණය කර ඇත .

සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුනට හෙට (26) සිට පාසල්වලට පැමිණ පුහුණවීම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්  සිසුන් පුහුණුකරවීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් පාසල්වලට නොයෑමට තීන්දුකර ඇතැයි ද ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ මාධ්‍ය වෙත පැවසූහ

සිසුන් පුහුණු කිරීම සඳහා පාසල්වලට නොයන බව විභාග කොමසාරිස්වරයාට සහ අධ්‍යාපන ලේකම්වරයාට දැනුම්දුන් බව ද ඔවුහු කියති