ගුවන් අනතුර ගැන හොයන්න විමර්ශන කණ්ඩායම් රැසක් හපුතලේට

Picture of අසංක

අසංක

ගුවන් හමුදාවේ නිරීක්ෂණ යානයක් අනතුරට ලක්වූ හපුතලේ එම ස්ථානය වෙත මේ වනවිට විමර්ශන කණ්ඩායම් කිහිපයක් ගොස් තිබේ.

රජයේ රස පරීක්ෂකවරයා, ගුවන් හමුදාවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශන කණ්ඩායමක් ද ඒ අතර වෙයි.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.