ගෙවුණු පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් මිලියන 1000 ඉක්මවා යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,005.2 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙය 2022 පෙබරවාරි මාසයට වඩා 8.06%ක පහළ යාමකි. කෙසේ වෙතත්, එය 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 5.62% ක වැඩිවීමකි.