ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 12049ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් සහ ඇතැම් දිනවල දෙදහසකට ආසන්න අගයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
ඊයේ (04) දිනයේ ආසාදිතයන් 1860 දෙනෙකු හඳුනා ගැනිණි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,536 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 ආසාදිතව මෙරට දී මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 709කි.