ගෝඨාභයට අබ්දුල් රාසික් හෝ හිස්බුලාගේ සහය යනුවෙන් සදහන් ප්‍රකාශ අසත්‍යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අබ්දුල් රාසික් නැමති පුද්ගලයා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට එකගතාවය පළකළ බවට පැතිර යන ප‍්‍රකාශ සාවද්‍ය ප‍්‍රකාශ බව එම පක්ෂය සදහන් කරයි

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ

“ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්‍ෂකයා පිළිබ`ද සිදුකරනු ලබන ප‍්‍රකාශ පාදකකොට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අදීන පෞරුෂය සහ දේශජ ප‍්‍රතිපත්තීන් පිළිබ`ද වැරදි අර්ථකථන ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මෙය පසමිතුරු බලවේගයන්ගේ අවසාන උත්සාහය වී ඇති බවද නිසැකය.

”ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙෂ ඉදිරිපත්වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණිනි.” ”බුදුරජානන්වහන්සේ පිළිබ`ද අශිෂ්ට ප‍්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටී.”

උක්ත ප‍්‍රකාශ ද්විත්වයම අප විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එකී අර්ථ ශූන්‍ය උත්සාහයන්ටම උරුමවූ පිළිකුලිනි.

ශිෂ්ඨ සම්පන්නබව, වගකීම් සහගත බව මෙන්ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හ`දුන්වාදී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළයුත්තේ ඔහුගේමතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.”

ඩලස්අලහප්පෙරුම
මාධ්‍යප‍්‍රකාශක
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රචාරණඅංශය
2019 ඔක්තෝම්බර් 13