විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අදහස් පළ කළා. ඒ, කුරුණෑල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.
පොහොට්ටුවයි අපේ පක්ෂයයි සන්ධානයක් හදන්න යන එක ගැන රහසක් නෙමෙයි. ඒ ගැන පසුගිය මාස කිහිපයේදී සාකච්ජා කළා. ඒ ගැන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ මම සාකච්ජාවක් කළා. රට ඉදිරියට ගෙනයන වැඩපිළිවලක් යටතේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන්න අපිට පුළුවන් උනාට පොහොට්ටුවට සහය දෙන්න අපිට බැහැ කියලා මම කෙලින්ම කිව්වා. ඒ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ, පළාත් සභා නියෝජිතයින්ගේ වගේම ගමේ සිටින පාක්ෂියාගේ අදහස මොකක්ද කියලයි මම ඔවුන්ට පැහැදිලි කරලා කිව්වේ. ඒ අය අගමැතිකම දෙන්න, විපක්ෂ නායකකම දෙන්න වගේම දැනට පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්න අපි මොනතරම් දේවල් කලාද? අඩුම තරමින් අපි කරන ඉල්ලීම ගැන හරි පොහොට්ටුව නම්‍යශීලි වෙන්න ඕනේ” ජනාධිපතිවරයා කියා සිටියා.