හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය. අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණි අතර ගල්කුළම හන්දිය, තිරප්පනේ හන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේ බුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව සංවිධානය කර ඇත. ම ග දෙපස උණුසුම් ජනතා ප්‍රතිචාර පිළිගනිමින් පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා සම
ග ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් හා ප්‍රාදේශීය නායකයින් රැසක් සම්බන්ධ වී සිටියි.